-
පුද්ගලයන් පිළිබඳ නිගමනවලට එළඹීම
සබඳ, ඔබ අප සැවොම අවිද්‍යාව ප්‍රත්‍යයෙන් හටගත් සත්වයෝ වෙමු. වෙනත් අයුරකින් කීවොත් ‘ජීවිතයේ යථාර්ථය පිළිබඳ යථා අවබෝධයක් නැතිකමින් උපන්’ ජීවීන් වෙමු. එම අවිද්‍යාව කෙතරම් බරපතළ ද යත්, අපි හැමෝම තම තමන් ගැන බොහෝ දේ දන්නා, වැටහෙන අය ලෙස සිතා සිටිමු. එනිසා ම අපට පේන දේවල් පිළිබඳ ව ද ‘අසවලා මෙසේ කළා. ඒ නිසා ඔහු මෙහෙම […]
-
පහන් සිතින් සාධුකාර දෙමු
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්යාලයේපාලි හා බෞද්ධ අධ්යයනාංශයේමහාචාර්යමැදගොඩ අභයතිස්ස හිමි “පාණිම්හි චෙ වණො නාස්ස” – යමෙකුගේ අතේ තුවාලයක් නැත්නම්, “හරෙය්ය පාණිනා විසං” – අතින් විස ඇල්ලුව ද, “නාබබ්ණං විස මනේචති” – විස ශරීරගත නො වේ. “නත්ථි පාපං අකුබ්බතො” – එමෙන් වැරැදි අරමුණක් නො වන කල්හි පව් යැයි සම්මත ක්‍රියා සිදු කළත් අකුසලයක් සිදු නො වේ. ඒ අනුව […]
-
තමාට, තමා සැකසීමට කාලය ඇවිත්, හිත හැදුවොත් ගත හැදෙනවා
මයිලපිටිය මහ අනඳ සෙනසුනෙහිඅනුශාසකශාස්ත්රවේදීඅලුත්ගම පඤ්ඤාසාර හිමි සම්බුද්ධ දේශනාවේ සඳහන් සතර කමටහන්, චතුරාරක්ඛක භාවනා වශයෙන් හැඳින්වෙනවා. ඒ බුද්ධානුස්සතිය, මෛත්‍රිය, අසුභය හා මරණසතිය යි. මේ භාවනා සතර අනුස්සති භාවනා හෙවත් ආරක්ෂක භාවනා වශයෙන් ධර්මයේ සඳහන් වෙනවා. කුමකින් ආරක්ෂා වීම පිණිස ද? ලෝකයේ මනුෂ්‍යයන්ගෙන් ඇතිවෙන්නා වූ යම් බියක් වේ නම්, ඒ බියෙන් අතමිදීම සඳහා ආරක්ෂක භාවනාවන් උපකාර වෙනවා. […]
-
අසිරිමත් සම්බුදු වදන් මනාකොට සුරැකෙමින් අපට දායාද වූ අයුරු
අපගේ ශාස්තෘ වූ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ, දෙව් මිනිසුන්ගේ යහපත පිණිස පන්සාලිස් වසරක් පුරාවට, සිරි සම්බුදු මුව මඬලින් මිහිරි ශ්‍රී සද්ධර්මය වදාළ සේක. සතර අපායෙන් අත් මුදවන, සුගති සැප සලසාලන අමා නිවනට පමුණුවාලන ඒ අමා දම් පද බුදුරජාණන් වහන්සේ ජීවමාන අවදියේ දී හැඳින්වූයේ නවාංග ශාස්තෘ ශාසනය වශයෙනු යි. සුත්ත – පොදුවේ සියලු බුද්ධ දේශනා […]
-
සුන්දර සිතක් ඇති කරගෙන ශ්‍රේෂ්ඨ ජීවිතයක් ගතකරන්නට…
ධනාත්මක චින්තනය (Positive Thinking) අද වන විට ඉතා ම ජනප්‍රිය මාතෘකාවක්. මේ පිළිබඳ විශාල අවධානයක් වත්මන් සමාජයේ පවතිනවා. එහෙත් අනිත්‍යය ගැන කතා කළ සමාජය මෙරට ගොඩනැංවූ ලෝකෝත්තර මෙන්ම ලෞකික සමෘද්ධිමත්භාවය, ඒ ගැන අවධානය යොමු නො කරන සමාජයට උදාකර ගැනීමට හැකියාව ලැබී නැහැ. යම් දවසක අපේ සමාජය අනිත්‍ය ධර්මය ගැන මූලික වශයෙන් කතා කරන තත්ත්වයකට පත් […]