දුක දුරු කරන්න නම්

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සමණමණ්ඩික කියන විදිහට යමෙක් හොඳ සිතිවිලි වලින් යුක්ත වූ තරමට නිවැරැදි දිවිපෙවෙතක් ගත කළ පමණට හොඳ හැසිරීම් වලින් යුක්ත වූ තරමට ඔහු උතුම් පුද්ගලයකු වන්නේ නම් එහි ගෞරවය ශ්‍රේෂ්ඨත්වය හිමිවිය යුත්තේ “ දහරො කුමාරො” ඉතාම කුඩා ළදරුවෙකුට බව . ඇයි ඒ, ළදරුවන්ට තමා හා ලෝකය පිළිබඳ බැඳුනු ආශාවක් නෑ. හොඳ නරක කල්පනා වෙන්නේ නෑ. කයින් වදනින් මනසින් සිදුවන නරකක් නපුරක් වරදක් නෑ. එබැවින් ඔය සතර කරුණූ සම්පූර්ණ කළ පමණින් කෙනෙකු උත්තම කුසලය ඇති පිරිපුන් කුසල් ඇති කෙනෙකු ලෙස මා සළකන්නේ නෑ කියල

නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්ස

“ දහති ඛෝ අහං ථපථ. ධම්මේහි සමන්නාගතං
පුරිස පුග්ගලං පඤ්ඤාපේමි. සම්පන්න කුසලං
පරම කුසලං උත්තම පත්ති පත්තං
සමණං අසොජ්ඣන්ති “

ශ්‍රද්ධා බුද්ධි සම්පන්න පින්වතුනි,

තුන් ලොව සනහාලීමේ අසීමිත ගුණයන්ගෙන් යුක්ත වූ අමාමෑණි බුදුරජාණන් වහන්සේ විසින් ලෝ සතුන් වෙත පතල මහ කරුණාවෙන් දේශනා කොට වදාළ දහම් බිඳක් පැහැදිලි කර දීමටයි. සූදානම් වන්නේ බණ ඇසීම හා දෙසීම උතුම් පින්කමක්. දහමෙහි පවත්නා වටිනාකම උදාරත්වය පිළිබඳ පුන පුනා කීම අවශ්‍ය නැහැ, වැටහීමෙන් යුතුව ක්‍රියා කරන ඔබට පුද්ගල සන්තානයෙහි හටගන්නා කෙලෙස් රෝග සඳහා ප්‍රත්‍යක්‍ෂ එකම ඖෂධය ධර්මයයි. “ධම්මෝසධ සමං නත්ථි ඒවං පිවත භික්ඛවො”අවිදු අදුරෙන් වෙලී නරකාදි දුක්ඛිත ලෝකයන්හි අයහපත්ව ගමන් කරන්නා වූ පුද්ගලයන් එයින් මුදා සම්‍යග් මාර්ගය වෙත ඔවුන් කැඳවාගෙන යන්නේ මේ උතුම් වූ මාර්ගයයි. ධර්මය හොඳින් අසන්න. දරන්න, ඒ අනුව හැසිරෙන්න. බුදු බණ සද්ධාව උපදවනවා. අර්ථවත් බවෙන් යුක්තයි. සැඟවිය යුතු දෙයක් නෑ. කණට, මිහිරියි. අනුන් හෙළා දකින්නේ නෑ. තමන් ගැන පමණක්ම කියන්නේ නෑ. ඇසීමට විමසා බැලීමට යෝග්‍යයි.

දිනක් පංචකංගික නම් වඩුකාර්මිකයා සැවැත් නුවර වැඩ සිටි බුදුරදුන් බැහැදැකීම සඳහා තම නිවසින් පිටත් වුණා. ටික දුරක් යන විට ඔහු කල්පනා කළා. අනේ මේ වෙලාවේ බුද්ධ ප්‍රමුඛ සඟරුවන විවේක සුවයෙන් පසුවන අවස්ථාව. දැන්මම එහි නොයා යුතුයි. තව ටිකකින් උන්වහන්සේලා හමු වෙනවා කියල. ඉන් පසු එතුමන් ඒ අසල තිබූ සමණමණ්ඩික පුත්ත පරිබ්‍රාජික සිටින අසපුවට ගමන් කළා.

සමණමණ්ඩික පුත්ත පරිබ්‍රාජික තුමා බෞද්ධයෙක් නොවෙයි. ඔහු පිළිබඳ මේ සූත්‍රයේ සඳහන් වන්නේ “සමයවාදක” යන විශේෂ පදයෙන්. මන්ද? ඔහු විවිධ දෘෂ්ටීන් හා සම්බන්ධ පුද්ගලයෙක්. විවිධ මත වාදින් කැඳවා ස්වකීය අදහස ප්‍රකාශ කරන්නෙක්. මේ වඩුකාර්මිකයාගේ පැමිණීමත් එබඳුම එකක්. සූත්‍රයේ සඳහන් හැටියට උස් හඩින් මහ සද්ධ නැගෙන පරිදි තිරස්චීන කථා වලින් යුක්තව සිටිය බව පැහැදිලිය.

සම්බුදු සව්වෙක් ඈතින් එනු දුටු සමණමණ්ඩික තම පිරිස නිහඬ කළා.ඇයි මේ? ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේගේ ශ්‍රාවක පිරිස නිහඬ බව අගයතියි ඔහු හොඳින් දැන සිටි නිසා. සුදුසු පරිදි අසුන් ගත් මේ දෙදෙනා අතර කථාව ආරම්භ වුණා. ඉතා සතුටින් සතුටුවිය හැකි කරුණු සාකච්ඡා වුණා. ඉන් පසු සමණමණ්ඩික “ මම මේ ලෝකයෙහි කයින් පව් කම් නොකිරීම. වචනය වැරදි ලෙස නොයෙදීම, සිතිවිලි වැරැදියට යොමු නොකිරීම ලාමක පහත් ජීවිකා වෘත්තීන් හි නොයෙදෙන පුද්ගලයන් සිව් දෙනා වාද නොකිරීමට යෝග්‍ය උතුම් පුද්ගලයන් යැයි පිළිගන්නා බව ප්‍රකාශ කළා. ඔහුගේ අදහස හොඳින් ශ්‍රවණය කළ, පංචතංගික එම අදහස එපරිද්දෙන්ම පිළිගත්තේ නැහැ. නිවැරැදි ස්ථීර පිළිතුරක් දුන්නේත් නෑ. නමුත් ප්‍රතික්‍ෂේප කළෙතේ නෑ. බුදුරදුන්ගෙන් විමසා දැනගත යුතුයැයි අදහස් කර උන්වහන්සේ හමුවට ගියා.

බුදුන් වැඳ අවසර ගත් එතුමන් සමණමණ්ඩික හමුවූ පුවතක් ඔහුගේ අදහසුත් ප්‍රකාශ කළා. ඒ කථාව ඇසු බුදුපියාණෝ “ඒවං සත්තේ ඛො ථන්ති දහරො කුමාරො, උත්තාන සෙය්‍යකො සම්පන්න කුසලෝ භවිස්සති. පරම කුසලෝ උත්තම පත්ති පත්තෝ සමණො අසාජ්ඣෝ “ යනුවෙන් දේශනා කළා.

කාරුණික පින්වතුනි.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සමණමණ්ඩික කියන විදිහට යමෙක් හොඳ සිතිවිලි වලින් යුක්ත වූ තරමට නිවැරැදි දිවිපෙවෙතක් ගත කළ පමණට හොඳ හැසිරීම් වලින් යුක්ත වූ තරමට ඔහු උතුම් පුද්ගලයකු වන්නේ නම් එහි ගෞරවය ශ්‍රේෂ්ඨත්වය හිමිවිය යුත්තේ “ දහරො කුමාරො” ඉතාම කුඩා ළදරුවෙකුට බව . ඇයි ඒ, ළදරුවන්ට තමා හා ලෝකය පිළිබඳ බැඳුනු ආශාවක් නෑ. හොඳ නරක කල්පනා වෙන්නේ නෑ. කයින් වදනින් මනසින් සිදුවන නරකක් නපුරක් වරදක් නෑ. එබැවින් ඔය සතර කරුණූ සම්පූර්ණ කළ පමණින් කෙනෙකු උත්තම කුසලය ඇති පිරිපුන් කුසල් ඇති කෙනෙකු ලෙස මා සළකන්නේ නෑ කියල.

විශේෂයෙන් උන්වහන්ස් ප්‍රධාන කරුණු හතරක් තේමා කරගෙන ඒ හා බැඳුනු කාරණා 10 ක් මෙහිදී පැහැදිලි කළා .අකුසල සීලය, කුසල සීලය, තමා පිළිබඳ අකුසල ඇතිවන්නේ කෙසේදැයි හඳුනා ගන්න. එහි සරාගී බව වටහා ගන්න. අනතුරුව ඒවා නිරුද්ධ කිරීමට දුරු කිරීමට ක්‍රියාත්මක වන්නැයි දේශනා කරනවා. කුසල සීලය පිළිබඳවත් එසේමයි. කුසලය පින පිළිබඳ හොඳින් අවබෝධ කරගන්නට ඕනෑ. අනතුරුව රාග දෝස,, මෝහාදි කෙලෙස් මුල් දුරුවනබව තේරුම්ගෙන වඩ වඩාත් කුසල් රැස් කරන්නට උත්සාහ වන්ත. වෙන්නටම ඕනෑ. අකුසල සංකල්ප බැහැර කිරීම හා කුසල සංකල්ප ඇතිකර ගැනීම කෙරෙහිද අවධානය යොමුවිය යුතු බව මින් පැහැදිලි වෙනවා.

එමෙන්ම අපේ සිත, කය වදන යන තිදොර මුල්වීමෙන් උපදින ප්‍රාණඝාත අදත්තාදාන, කාමමිච්ඡාචාර මුසාවාද පිසුනාවාච පරුෂාවාච , සම්පප්ප්‍රලාප අභිධ්‍යා ව්‍යාපාද මිත්‍යාදෘෂ්ටි යන අකුසල් දුරුකර ගන්න පුරුදු පුහුණු වෙන්න ඕන. දස කුසල් දහම්හි යෙදෙන්නේ වැරැදි ජීවන වෘත්තීන් අතහැර දමන්න ජීවිතය අර්ථවත් මඟකට යොමු කරගන්නට උත්සාහ වීමයි. මෙහිදී වැදගත් වෙන්නේ. මෙහෙම ඉතා සාර්ථක අර්ථවත් ධර්ම දේශනාවක් කළ සම්මා සම්බුදු පියාණෝ අවසාන වශයෙන් පැහැදිලි කරනවා සසර සයුරින් අපමණ දුකින් මිදි ශාන්ත නිවීම අත් කරනු පිණිස යහපත් දැක්මක යහපත් කල්පනාවක වචනයක ක්‍රියාවක පැවැත්මක උත්සාහයක අවශ්‍යතාවය.

පින්වතුනි.

මෙහිදී උන්වහන්සේ පැහැදිලි කරන්නේ කුමක්ද? අවබෝධයෙන් යුතුව වරදින් වැළකී නිවැරදි මාවතක ගමන් කරන්නා පිරුණු කුසල් ඇති උසස් පුද්ගලයකු වන බවයි. අපද තිදොර නිවැරැදි මඟ යොමුකර මනා අවබෝධයෙන් යුතුව ක්‍රියා කරන්නට උත්සාහ ගනිමු. එවිට සියලු දුක් දුරුකර උතුම් නිවන් සුව සාක්ක්‍ෂාත් කරගත හැකි වනු ඇති.

සැමට තෙරුවන් සරණයි.